Friday, April 4, 2014

කාලෙකට පස්සේ...

කාලෙකට පස්සේ...


හුගක් කාලෙකට පස්සේ තමයි ලියන්න ලැබුනේ. හුගක් අය අහල තිබුන blog එක නැවත්වලාද කියල. එක පමා වීමට හේතු පිලිබදව පොඩි පැහැදිලි කිරීමක් කරන එක හොදයි කියල හිතුනා.

ප්‍රදානම හේතුව තමයි මට සිංහල බැරි වීම. පහුගිය ලිපි සියල්ලම මම පොතක ලියල මගේ ගැණුළමයට දුන්නම එය තමයි  type කරලා දුන්නේ. එත් පහුගිය දවස්වල එයටත් වැඩ වැඩි උනා. ලියපු ලිපි තුනක් විතර තියනවා type කර ගන්න බැරිව. දැන් මම කරන්නේ google සිංහල IME දාගෙන. මේකත් එපා වෙන වැඩක්.
ඉදිරියේදී අමාරුවෙන් හරි කොටන්න බලනවා.

දැනට අපේ අඩවියේ post 27 ක් පමණ තියෙනවා. කාට හරි Forex පිලිබදව මුලික අවබෝදයක් ගන්න එය ප්‍රමාණවත්. Forex Trading මුදලට කියල දෙන පන්ති වල උදේ 8.00 ඉදන් හවස 5.00 වෙන කොට ගැන ඔක්කොම කියල දීල Forex Expert කෙනෙක් කරවනවලු. :) මාරයි නේ ....

අවම වශයෙන් තව ලිපි 300 ක් වත් පල කර ගන්න පුළුවන් උනොත් මෙම බ්ලොග් එක හොද තැනකට ආව කියන්න පුළුවන්. ඔයාලටත් පුළුල් අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඉලග ලිපිය Price Action Trading ( PAT )  ගැන.

No comments:

Post a Comment