what is Pivot points ?
පසුගිය ලිපි පෙලින් අපි Price Action Trading ගැන කතා කරා. අද අපි indicator එකක් ගැන කතා කරන්න යනවා. බය වෙන්න එපා මේක ඔලුව පිස්සු හැදෙන සංකීර්ණ indicator එකක් එහෙම නෙමෙයි. සංකීර්ණ ගණනය කිරීම් ඇත්තෙම නැහැ. ඒ උනත් මේක හුගක් වටිනා indicator එකක්. ඕනෙම indicator එකකින් කරනවා වගේම මෙකින් කරන්නෙත් යම් කිසි අපොහනයක් ( guess ) කිරීමක්.
මොකක්ද මේ pivot point කියල හදුන්වන්නේ ? ඔයාල දැනටමත් දන්නවා MT4 එකේ M1, M5, M30.... D1, W1 ...... Time frame කිහිපයක් තිබෙන බව. උදාහරණයක් විදියට ගත්තොත් D1 කාළ රාමුව සැලකුවොත් මෙන්න මේ pivot point එක බාවිතා කරමින් පෙර දිනයට සාපේක්ෂව අද දිනයේ price අගය අපට හොයන්න පුළුවන්. අපි උදාහරණයක් ගනිමු.
2014.04.22 දින EUR/ USD
ඉහත දත්ත ඇසුරු කරලා අපි ගණනය කරමු.
pivot point ( pp ) = ( High + Low + Close ) / 3
pp = ( 1.3824 + 1.3785 + 1.3805) / 3 පැහැදිලි නේද ?
= 4.1414 / 3
pivot point = 1.3804
ඉහත අපි ගණනය කලේ 2014.04.23 දිනට අදාල pivot point එක. මේකෙන් අදහස් වෙන්නේ 04.23 දිනය තුල අවම වශයෙන් මෙන්න මේ 1.3804 කියන අගයට ලගා වෙනවා කියල. දැන් අපි බලමු 04.23 දිනට අදාල chart එක විමසල අපි මේ ගණනය කරපු අගයට ලගා වෙලාද කියල.
ස්ථාන දෙකකදී අපි ගණනය කල අගය ලැබිල තියෙනවා නේද ? කොහොමද වැඩ :)
මතක් තබා ගන්න ඕනේ දෙයක් තමයි මේක 100% හැමදාම වෙන්නේ නැ කියල. නමුත් මේ ක්රමය 80% වඩා සාර්ථකයි.
තව ගණනය කරන්න තියනවා. ඒවා ඊළග ලිපියෙන් කතා කරමු.
me blog eka watinawa ikmanata post tika danna puluwannam hodai patta blog eka ayye
ReplyDeleteThanks for comments. thawa hugak thiyanawa danna. heki ikmaninma post karanna inne.
Deletethanks for these techniques... we're looking for some new pots.... good luck..
ReplyDeleteThanks. plan to upload new posts asap.
DeleteSirawatama patta....mama meken goooodaaaak igena gaththa...thanks...dawasata kiyaka withara prifit ekak meken ganna puluwanda...
ReplyDeleteඒක තීරනය වෙන්නේ ඔයාගේ දක්ෂතාවය යොදවන මුදල කැපවීම මත තමා . හරියටම මේ ගාන හොයනවා කියලා කියන්න බැ.ඒ වගේම දවසකට කීයක් හරි හොයනවා වගේම දවසකට ගානක් නැති වෙන්නත් පුලුවන්.ඒක අඩු කර ගෙන කරනවා නම් හොද ආදායම් තත්ත්වයකට යන්න පුලුවන්.
Deleteපට්ට ලිපි ටික ... අපරාදේ බ්ලොග් එක නැවතිලා තියෙන්නේ පුලුවන් නම් ආයේම ලිපි දාන්න .අද සිංහලෙන් ෆොරෙක්ස් ගැන කියලා දෙන වෙබ් සයිට් ගොඩාක් අඩුයි තිබ්බ ඒවත් නැවතිලා මේක විතරයි මේ ලගක් වෙනකන්ම යාවත්කාලීන උනේ.බොහෝම ස්තුතියි දාලා තියෙන ලිපි ටිකට.ආයේම ඉක්මනින් ලිපි දාන්න.
ReplyDelete