Wednesday, April 23, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 2

සාර්ථක PAT කෙනෙකු වීමට - 2


ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

ඉතින් අද අපි සාර්ථක Price Action Trader කෙනෙකු වීමට අවශ්‍ය ඉගි කිහිපයක් ලබා දෙනවා. මේ ලිපිය පසුගිය ලිපියේ දෙවෙනි කොටස ලෙස තමයි පල වෙන්නේ.

5. ප්‍රතික්ෂේපිත price level හදුනා ගන්න.

සාමාන්‍යයෙන් අපි අපේ chart එකේ candle stick pattern තමයි බාවිතා කරන්නේ. candle stick මගින් trade හදුනා ගැනීම පිලිබදව වෙනමම කතා කරන්න ඕනේ. හේතුව එක හුගක් දිගු පාඩමක්. candle stick pattern වල එන වඩා පහත් හෝ වඩා ඉහලින් (lower or upper shadows) pattern අපි සාමාන්යෙන් hammer candlestick pattern or a shooting star candlestick pattern විදියට හදුන්වනවා. මේ candle stick pattern ගැන වෙනමම කතා කරන්න අවශ්‍ය උනත් මේ pattern දෙක ගැන හොයා ගන්න පුළුවන් පහත උදාහරණය බැලුවම.

පහත පින්තුරය hammer candlestick pattern  



පහත පින්තුරය shooting star candlestick pattern

ඔයාල මේ pattern වලට ඇස පුරුදු කර ගැනිම අත්‍යවශ්‍ය වෙනවා. මේවා හදුනා ගන්නනම්.


කොහොම උනත් මෙන්න මේ වගේ දෙයක් price level එකේ මතූ උනොත් අපි එක rejected price level එකක් විදියට හදුන්වනවා. ඒ කියන්නේ එතනින් එහාට price action එක වෙනස් වෙනවා. buy එකක් නම් sell විදියටත් sell නම් buy විදියටත් වෙන්න පුළුවන්.

පහත තියෙන්නේ ප්‍රායෝගික උදාහරණයක්


rejected price level

6. 50% නියමය හදුනා ගන්න

මොකක්ද මේ ? සාමන්යෙන් price එකේ වෙනසක් වෙනවනම් එක පෙර දිනයේ price range එකෙන් 50% වත් සමාන වෙන ප්‍රමාණයක් අද දිනයේ නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. පැහැදිලි නැ නේද ?
අපි උදාහරණයක් ගනිමු. 

2014.04.23 EUR/ USD market එකේ තොරතුරු පහත දක්වල තියෙනවා.



ඉහත දත්ත සලකා බැලීමෙන් 2014.04.23 දින market එක ගමන් කරලා තියෙන ප්‍රමාණය pips = 1.3854 - 1.3800 = 54 බව පැහැදිලි නේද ? ඒ කියන්නේ market එකේ ලොකු වෙනසක් වෙන්න නම් අද දින 2014.04.24 දින අඩුම තරමින්  market එක 1.3789 හෝ 1.3843 දක්වා ගමන් කරන්න ඕනේ.

NEWLY ADDED

එතකොට pips 54 න් 50% ක් කියන්නේ pips 27 නේද ? 
2014.04.23 දින market එක වෙලා තියෙන්නේ 1.3816 බව පැහැදිලි නේද ? එහෙනම් මේ කියන 50% නීතියට අනුව 2014.04.24 දින reversal trading  වෙන්න නම් අඩුම තරමින් 1.3816 + 27 = 1.3843 හෝ 1.3816 - 27 = 1.3789 දක්වා ගමන් කරන්න ඕනේ.

END ADDED මේ ප්‍රමාණ නොඉක්මවා තිබෙන කොට මොනම අවස්ථාවකදිවත් reversal trading ගැන තීරණ ගන්න එපා.

ඒ වගේම එකේ අනිත් පැත්ත සියලුම reversal trading පටන් ගන්නේ 50% පෙර දිනයට සාපේක්ෂව ගමන් කිරීමෙන් පසුවයි.

එහෙනම් අදට ඇති වගේ නේද ? ඔයාලට ගැටළු තිබෙනවම් අහන්න.


Tuesday, April 8, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට

සාර්ථක PAT කෙනෙකු වීමට


අපි පසුගිය ලිපියෙන් Price Action Trading (PAT) ගැන මුලික වශයෙන් කතා කරා. Forex Trading කරන  අය අහන සුලබ ප්‍රස්නයක් තමයි Trade හදුනා ගන්නේ කොහොමද කියල. ඔය ප්‍රශ්නේ අහන්න ලේසි උනාට ඒකට පිළිතුරක් දෙන්න නම් ප්‍රවීන දැනුමක් අප සතුව තිබෙන්න ඕනේ. හේතුව අප ලබා දෙන පිළිතුර මත තමයි අපේ Trade එකේ ලාභ අලාභ තීරණය වෙන්නේ.
ඉතින් හොද Profit උපයන Trader කෙනෙක් වෙන්න Price Action Trading  තෝර ගත්තනම් හෝ උනන්දුවක් දක්වනවානම් ඒ සදහා ඉගි කිහිපයක් ලබා දෙන්න පුළුවන්. මෙහි සදහන් සමහර දේවල් නොත්රෙන්න පුළුවන්. හේතුව තවමත් අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා නැති නිසා. ඉදිරියේදී අපි ඒ ගැන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. සහයෝගී හා ප්‍රතිරෝදී තල හදුනා ගැනීම -- Identify support and resistance levels

මෙය අයත් වෙන්නේ Technical Analysis  මූලදර්මයට. ඒ වගේම එහි මුලිකම සිද්දන්තයක්. මෙන්න මේ Support level හා Resistance level එක නිවැරදිව හදුනා ගැනීම  මගින් අපට Trade එක ගමන කරන දිශාව පිලිබදව පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්.  පහත රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන ස්ථාන දිහා අවදානය යොමු කරලා බැලුවොත් ඔයාලට මේ කියන දේ වටහා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම එය වටහා ගැනිම මගින් ඔබට අත්වන වාසිය කොපමණද කියා අවබෝද වෙනවා නේද ?

support & resistance level
02. Swing points විශ්ලේෂණය කිරීම

Swing points කියල කියන්නේ යම් කිසි හැරුම් ලක්ෂ වලට. උදාහරණයක් විදියට ගත්තොත් Buy  එකක් ගිහින් Sell එකක් විදියට හැරෙන ස්ථාන වගේම Sell එකක් ගිහින් Buy එකක් විදියට හැරෙන ස්ථාන මේ කියන Swing points ( Pivot point )ආධාරයෙන් හදුනා ගන්න පුළුවන්. මේ ගැන අපි වෙන ලිපියක කතා කරනවා.

03. දිගු  Candle පිලිබදව සැලකිලිමත් වන්න

සාමාන්‍යයෙන් දිගු එකකට පස්සේ එකේ දිශාව වෙනස් වෙනවා. මෙය අනිවාර්ය දෙයක් නොඋනත් වැඩි ඉඩක් පවතිනවා. පහත රුපය බලන්න. ඔයාලට වටහා ගන්න පුළුවන් වෙයි.



04. පටු Candle  හදුනා ගන්න.

බලන්න පහත රුපයේ කහ පාටින් සලකුණු කරලා තියෙන පෙදෙස දිහා. මෙන්න මේ අවස්ථාවේදී Buyers හා Sellers විසින් එක සමාන ප්‍රමාණ වලින් Forex Market  පාලනය කරනු ලබනවා. නමුත් යම් අවස්ථාවක මේ දෙගොල්ලන්ගෙන් එක පිරිසක් ජය ගනු ලබනවා. අන්න ඒ අවස්ථාවේදී දිගු Buy හෝ Sell එකක් යන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැ මොන පැත්තට මේක වෙනවද කියල. එහෙම දෙයක් වෙන්න පුළුවන් කියල මතක තබා ගන්න.



අදට ඇති වගේ නේද. තව කොටසක් ඉක්මනින් දානවා. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

Friday, April 4, 2014

Price Action Trading ( PAT )

Price Action Trading ( PAT )

Lesson – 26

මොකක්ද මේ Price Action Trading ( PAT ) කියල හදුන්වන්නේ ?

අපි මුලින්ම බලමු Price Action කියල කියන්නේ මොකක්ද කියල. සරලවම කිවොත් Price Action කියන්නේ මිල ඉහල පහල යාම මත හැදෙන Chart එක. පහල පින්තුරය බලන්න.

Price Action

Price Action Trading ( PAT ) කියල හදුන්වන්නේ මෙන්න මේ Price Action මත කරන Trading. අපි පසුගිය පාඩම් වල යම් යම් Indicators ගැන කතා කලා වගේ මතකයි. කතා කරාද දන්නේ නැහැ. එහෙම නැත්නම් කියන්න. නමුත් Price Action Trading ( PAT ) සදහා මේ Indicators යොදා ගැනිම සිදු කරන්නේ නැහැ. නමුත් සමහර විට  supportive & resistance level, Trend හදුනා ගැනීම සදහා  Moving Average යොදා ගැනිම වෙන්න පුළුවන්.

පහත පෙන්නලා තියෙන පින්තුර දෙක දිහා බලන්න. Future trade ගැන පහසුවෙන් අදහසක් ගන්න පුළුවන් මොන chart එකෙන් ද කියල තීරණය කරන්න.

Clean price action chart

image from learntotradethemarket.com

මොකද හිතෙන්නේ ? මටනම් පලවෙනි chart එක පහසුයි. ඔයාලටත් එහෙම නම් Price Action Trading ( PAT ) ගැන වැඩි විස්තර දැනගන්න එක ප්‍රයෝජනවත් වෙයි.

කාලෙකට පස්සේ...

කාලෙකට පස්සේ...


හුගක් කාලෙකට පස්සේ තමයි ලියන්න ලැබුනේ. හුගක් අය අහල තිබුන blog එක නැවත්වලාද කියල. එක පමා වීමට හේතු පිලිබදව පොඩි පැහැදිලි කිරීමක් කරන එක හොදයි කියල හිතුනා.

ප්‍රදානම හේතුව තමයි මට සිංහල බැරි වීම. පහුගිය ලිපි සියල්ලම මම පොතක ලියල මගේ ගැණුළමයට දුන්නම එය තමයි  type කරලා දුන්නේ. එත් පහුගිය දවස්වල එයටත් වැඩ වැඩි උනා. ලියපු ලිපි තුනක් විතර තියනවා type කර ගන්න බැරිව. දැන් මම කරන්නේ google සිංහල IME දාගෙන. මේකත් එපා වෙන වැඩක්.
ඉදිරියේදී අමාරුවෙන් හරි කොටන්න බලනවා.

දැනට අපේ අඩවියේ post 27 ක් පමණ තියෙනවා. කාට හරි Forex පිලිබදව මුලික අවබෝදයක් ගන්න එය ප්‍රමාණවත්. Forex Trading මුදලට කියල දෙන පන්ති වල උදේ 8.00 ඉදන් හවස 5.00 වෙන කොට ගැන ඔක්කොම කියල දීල Forex Expert කෙනෙක් කරවනවලු. :) මාරයි නේ ....

අවම වශයෙන් තව ලිපි 300 ක් වත් පල කර ගන්න පුළුවන් උනොත් මෙම බ්ලොග් එක හොද තැනකට ආව කියන්න පුළුවන්. ඔයාලටත් පුළුල් අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඉලග ලිපිය Price Action Trading ( PAT )  ගැන.