සාර්ථක PAT කෙනෙකු වීමට - 4
අද අපි සාර්ථක Price Action trader කෙනෙකු වීමට අවශ්‍ය තවත් ඉගි දෙකක් ලබා දෙනවා. ඒ වගේම අද පල වෙන්නේ අවසාන ලිපිය. නමුත් ඉදිරියේදී විවිද මාර්තෘකා ඔස්සේ අපි කතා කරමු.
9. ක්‍රමානුකුල නැගීම් හා බැසිම් (Consecutive up days and consecutive down days)
price action එකේ ක්‍රමානුකුල නැගීම් හෝ බැසීම් කිහිපයකට පසු price action එක අනිවාර්යෙන්ම ඊට විරුද්ද දිශාවට ගමන් කරනවා. මෙය අදාල වෙන්නේ D1 හෝ ඊට ඉහල කාළ රාමු සදහා පමණයි. පහත රුපය බලන්න. එක නිසා නැගීම් හෝ බැසීම් කිහිපයකට පසු ඔයාල trade එකක් යොදනවානම් ඒ ගැන සැලකිලිමත් වෙන එක හුගක් හොදයි.
10. price action එකේ වෙනස් වීම මුලින්ම හදුනා ගන්න
ඒ කියන්නේ පහත රුපයේ ලකුණු කරලා තියෙන ස්ථාන වලදීම අපට මේ වෙනස ග්‍රහණය කර ගන්න තිබුනානම් අපිට ලොකු porfit එකක් ගන්න තිබුන නේද. බොහෝ විට ආරම්බයේදීම තමයි ලොකු price වෙනසක් වෙන්නේ. පහල රුපය බැලුවම ඔයාලට එක අවබෝද වෙයි.
ඉතින් අපි මේ ලිපි හතර ඔස්සේ සාර්ථක කෙනෙකු වෙන්නේ කොහොමද කියල කතා කර. ඔයාලට යම් අවබෝදයක් ලැබෙන්න ඇති කියල හිතනවා. සාමන්යෙන් ඕනෙම දෙයක් කියනවා වගේ නෙමේ කරන්න ගියාම. එක නිසා බොහොම පරිස්සමින් මේ ක්‍රම අද්ද්යනය කරන්න. ඊට පස්සේ මේ ක්‍රම ප්‍රයෝගිකව යොදා ගන්න. මුලින් Demo account එකක කරනවානම් හොදයි. කොහොම මොනවා කලත් අපි මුලින් ලිපි වල කතා කලා Money Management ක්‍රම අනුගමනය කරන්න මතක් තබා ගන්න.
ඔයාලට මේ ලිපි පරිශීලනය කිරීමේදී ගැටළු මතු වෙනවනම් අහන්න.
මුල්‍ය වෙළදාම සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා ගනු රිසි සියලු දෙනා සදහාත්, මෙතෙක් කලක් මෙම ක්ෂේත්රයේ නියැලී එහෙත් පාඩුවක් මිස ලාබයක් නොලැබූ ආයෝජකයන්ගේ දුර්වලතා පෙන්වා දීම සදහාත්, පොදුවේ අද්යාපනයක් ලබනු රිසි සියලු දෙනා සදහාත් සුදුසුයි.
Friday, April 25, 2014
Thursday, April 24, 2014
සාර්ථක PAT කෙනෙකු වීමට - 3
සාර්ථක PAT කෙනෙකු වීමට - 3
මෙහි මුල් කොටස් දෙක සදහා පසුගිය ලිපි බලන්න. අද අපි තුන්වන කොටස ඉදිරිපත් කරනවා.
7. price හිඩැස් ප්‍රයෝගය
පහත පින්තුරයේ කහ පාටින් සලකුණු කරලා තියෙන candle stick දිහා හොදින් බලන්න. මොනවද ඔයාලට හිතෙන්නේ. price එක පහල යයි කියල නේද ? ඒ උනත් වෙලා තියෙන්නේ පෙර තිබුනටත් වඩා වැඩියෙන් price එක ඉහල ගියපු එක නේද ? මෙන්න මේක price හිඩැස් ප්‍රයෝගය එහෙම නැත්නම් .. කියල හදුන්වනවා. කොහොමද අපි මේක හදුනා ගන්නේ ?
දිනය ආරම්බයේදී price එක පහල යනවා. නමුත් දිනය අවසානයේදී price එක දිනය ආරම්බයේදී තිබුනටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහල යනවා. දැන් පැහැදිලි නේද හදුනාගන්න විදිය.
කව්රුහරි මේ පහල යාම දැකල sell එකක් දැම්මොත් ඉතින් මොකද වෙන්නේ ? අන්න එක නිසා තමයි මේක යම් ප්‍රයෝගයක් විදියට හදුන්වන්නේ.
8. ගලා යාම මනින්න
මොකක්ද මේ කියන්නේ ? සාමාන්‍යයෙන් ගත්තොත් price action කියල කියන්නේ price එක ඉහල පහළ යාම් වලට කියල දන්නවනේ. පහත රුපයේ අපි price එකේ ගලා යාම මැනල තියෙනවා. හොදින් බලන්න.
price එක ඉහලට pips 234 ක් ඉහල ගිහින් කියල පේනවා නේද ? ඒ වගේම පහලට pips 115 ක් පමණ ගිහින් තියෙන බව ඔයාලටම බල ගන්න පුළුවන්.
මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ ? පෙර price එක ගලායාම pips 234 යි. price එක පහල යාම pips 115 යි. ඒ කියන්නේ ඉහල නැගිමෙන් බාගයක් ( 234/2 = 117 ) පහල ගිහින් නැවතිලා තියෙනවා. මේකේ අදහස තමයි නැවත ඉතා ඉක්මනින්ම price එක ඉහල යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ඉහල යාම පෙර නැගිමටට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ pips 234 ට වඩා ඉහල යනවා. පැහැදිලි නේද ?
ඇති වගේ නේද ? තව ටිකක් තියෙනවා පුළුවන් උන ගමන් පල කරනවා.
Wednesday, April 23, 2014
සාර්ථක PAT කෙනෙකු වීමට - 2
සාර්ථක PAT කෙනෙකු වීමට - 2
ඉතින් අද අපි සාර්ථක Price Action Trader කෙනෙකු වීමට අවශ්‍ය ඉගි කිහිපයක් ලබා දෙනවා. මේ ලිපිය පසුගිය ලිපියේ දෙවෙනි කොටස ලෙස තමයි පල වෙන්නේ.
5. ප්‍රතික්ෂේපිත price level හදුනා ගන්න.
සාමාන්‍යයෙන් අපි අපේ chart එකේ candle stick pattern තමයි බාවිතා කරන්නේ. candle stick මගින් trade හදුනා ගැනීම පිලිබදව වෙනමම කතා කරන්න ඕනේ. හේතුව එක හුගක් දිගු පාඩමක්. candle stick pattern වල එන වඩා පහත් හෝ වඩා ඉහලින් (lower or upper shadows) pattern අපි සාමාන්යෙන් hammer candlestick pattern or a shooting star candlestick pattern විදියට හදුන්වනවා. මේ candle stick pattern ගැන වෙනමම කතා කරන්න අවශ්‍ය උනත් මේ pattern දෙක ගැන හොයා ගන්න පුළුවන් පහත උදාහරණය බැලුවම.
පහත පින්තුරය hammer candlestick pattern
පහත පින්තුරය shooting star candlestick pattern
ඔයාල මේ pattern වලට ඇස පුරුදු කර ගැනිම අත්‍යවශ්‍ය වෙනවා. මේවා හදුනා ගන්නනම්.
කොහොම උනත් මෙන්න මේ වගේ දෙයක් price level එකේ මතූ උනොත් අපි එක rejected price level එකක් විදියට හදුන්වනවා. ඒ කියන්නේ එතනින් එහාට price action එක වෙනස් වෙනවා. buy එකක් නම් sell විදියටත් sell නම් buy විදියටත් වෙන්න පුළුවන්.
පහත තියෙන්නේ ප්‍රායෝගික උදාහරණයක්
![]() |
| rejected price level |
6. 50% නියමය හදුනා ගන්න
මොකක්ද මේ ? සාමන්යෙන් price එකේ වෙනසක් වෙනවනම් එක පෙර දිනයේ price range එකෙන් 50% වත් සමාන වෙන ප්‍රමාණයක් අද දිනයේ නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. පැහැදිලි නැ නේද ?
අපි උදාහරණයක් ගනිමු.
2014.04.23 EUR/ USD market එකේ තොරතුරු පහත දක්වල තියෙනවා.
ඉහත දත්ත සලකා බැලීමෙන් 2014.04.23 දින market එක ගමන් කරලා තියෙන ප්‍රමාණය pips = 1.3854 - 1.3800 = 54 බව පැහැදිලි නේද ? ඒ කියන්නේ market එකේ ලොකු වෙනසක් වෙන්න නම් අද දින 2014.04.24 දින අඩුම තරමින් market එක 1.3789 හෝ 1.3843 දක්වා ගමන් කරන්න ඕනේ.
NEWLY ADDED
එතකොට pips 54 න් 50% ක් කියන්නේ pips 27 නේද ?
2014.04.23 දින market එක වෙලා තියෙන්නේ 1.3816 බව පැහැදිලි නේද ? එහෙනම් මේ කියන 50% නීතියට අනුව 2014.04.24 දින reversal trading වෙන්න නම් අඩුම තරමින් 1.3816 + 27 = 1.3843 හෝ 1.3816 - 27 = 1.3789 දක්වා ගමන් කරන්න ඕනේ.
END ADDED මේ ප්‍රමාණ නොඉක්මවා තිබෙන කොට මොනම අවස්ථාවකදිවත් reversal trading ගැන තීරණ ගන්න එපා.
ඒ වගේම එකේ අනිත් පැත්ත සියලුම reversal trading පටන් ගන්නේ 50% පෙර දිනයට සාපේක්ෂව ගමන් කිරීමෙන් පසුවයි.
එහෙනම් අදට ඇති වගේ නේද ? ඔයාලට ගැටළු තිබෙනවම් අහන්න.
Tuesday, April 8, 2014
සාර්ථක PAT කෙනෙකු වීමට
සාර්ථක PAT කෙනෙකු වීමට
අපි පසුගිය ලිපියෙන් Price Action Trading (PAT) ගැන මුලික වශයෙන් කතා කරා. Forex Trading කරන අය අහන සුලබ ප්‍රස්නයක් තමයි Trade හදුනා ගන්නේ කොහොමද කියල. ඔය ප්‍රශ්නේ අහන්න ලේසි උනාට ඒකට පිළිතුරක් දෙන්න නම් ප්‍රවීන දැනුමක් අප සතුව තිබෙන්න ඕනේ. හේතුව අප ලබා දෙන පිළිතුර මත තමයි අපේ Trade එකේ ලාභ අලාභ තීරණය වෙන්නේ.
ඉතින් හොද Profit උපයන Trader කෙනෙක් වෙන්න Price Action Trading තෝර ගත්තනම් හෝ උනන්දුවක් දක්වනවානම් ඒ සදහා ඉගි කිහිපයක් ලබා දෙන්න පුළුවන්. මෙහි සදහන් සමහර දේවල් නොත්රෙන්න පුළුවන්. හේතුව තවමත් අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා නැති නිසා. ඉදිරියේදී අපි ඒ ගැන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
01. සහයෝගී හා ප්‍රතිරෝදී තල හදුනා ගැනීම -- Identify support and resistance levels
මෙය අයත් වෙන්නේ Technical Analysis මූලදර්මයට. ඒ වගේම එහි මුලිකම සිද්දන්තයක්. මෙන්න මේ Support level හා Resistance level එක නිවැරදිව හදුනා ගැනීම මගින් අපට Trade එක ගමන කරන දිශාව පිලිබදව පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්. පහත රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන ස්ථාන දිහා අවදානය යොමු කරලා බැලුවොත් ඔයාලට මේ කියන දේ වටහා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම එය වටහා ගැනිම මගින් ඔබට අත්වන වාසිය කොපමණද කියා අවබෝද වෙනවා නේද ?
![]() |
| support & resistance level |
Swing points කියල කියන්නේ යම් කිසි හැරුම් ලක්ෂ වලට. උදාහරණයක් විදියට ගත්තොත් Buy එකක් ගිහින් Sell එකක් විදියට හැරෙන ස්ථාන වගේම Sell එකක් ගිහින් Buy එකක් විදියට හැරෙන ස්ථාන මේ කියන Swing points ( Pivot point )ආධාරයෙන් හදුනා ගන්න පුළුවන්. මේ ගැන අපි වෙන ලිපියක කතා කරනවා.
03. දිගු Candle පිලිබදව සැලකිලිමත් වන්න
සාමාන්‍යයෙන් දිගු එකකට පස්සේ එකේ දිශාව වෙනස් වෙනවා. මෙය අනිවාර්ය දෙයක් නොඋනත් වැඩි ඉඩක් පවතිනවා. පහත රුපය බලන්න. ඔයාලට වටහා ගන්න පුළුවන් වෙයි.
04. පටු Candle හදුනා ගන්න.
බලන්න පහත රුපයේ කහ පාටින් සලකුණු කරලා තියෙන පෙදෙස දිහා. මෙන්න මේ අවස්ථාවේදී Buyers හා Sellers විසින් එක සමාන ප්‍රමාණ වලින් Forex Market පාලනය කරනු ලබනවා. නමුත් යම් අවස්ථාවක මේ දෙගොල්ලන්ගෙන් එක පිරිසක් ජය ගනු ලබනවා. අන්න ඒ අවස්ථාවේදී දිගු Buy හෝ Sell එකක් යන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැ මොන පැත්තට මේක වෙනවද කියල. එහෙම දෙයක් වෙන්න පුළුවන් කියල මතක තබා ගන්න.
අදට ඇති වගේ නේද. තව කොටසක් ඉක්මනින් දානවා. ප්‍රශ්න තියෙනවනම් අහන්න.
Subscribe to:
Posts (Atom)










